සිහිනය….
10 Mar 2011 Leave a Comment
ඔයා උපන්න දවසේ…….
මහ වැසි වහින්න ඇති…….
ඇත්තටම ඒ වැස්සක් නොවෙයි…
පුංචි ලස්සන දෙව් දුවක් අහිමිව…
අහස හැඩු කදුළු ……. මම උපන්න දවසේ
මගේ අම්මටයි තාත්තටයි
කොච්චර නම් සතුටු හිතෙන්න ඇතිද?
ඇත්තටම එයාලට හිතෙන්න ඇති
මගේ පුංචි දෝනිව
ලස්සන දෙව් දුවක් කරන්න .
මගේ අම්මයි තාත්තයි
තවමත් ඒ සිහිනය දකිනවා …
පුංචි කාලේ ඉදලා මාව
ඇති දැඩි කරලා හොදට උගන්වලා
සැබෑ ඡිවිතයක් හදලා දීලා තියෙනවා..
ඉතිං ඒ ඡිවිතය තව දුරටත්
ලස්සන කර ගන්න එක මගේ යුතුකම……..
මලයි මුලයි……. ඔයා උපන්න දවසේ……. මහ වැසි වහින්න ඇති……. ඇත්තටම ඒ වැස්සක් නොවෙයි… පුංචි ලස්සන දෙව් දුවක් අහිමිව… අහස හැඩු කදුළු ……. මම උපන්න දවසේ මගේ අම්මටයි තාත්තටයි කොච්චර නම් සතුටු හිතෙන්න ඇතිද?ඇත්තටම එයාලට හිතෙන්න ඇති මගේ පුංචි දෝනිව ලස්සන දෙව් දුවක් කරන්න . මගේ අම්මයි තාත්තයි තවමත් ඒ සිහිනය දකිනවා … පුංචි කාලේ ඉදලා මාව ඇති දැඩි කරලා හොදට උගන්වලා සැබෑ ඡිවිතයක් හදලා දීලා තියෙනවා..ඉතිං ඒ ඡිවිතය තව දුරටත් ලස්සන කර ගන්න එක මගේ යුතුකම.මගේ ආදර අම්මේ තාත්තේ ඔයාලා දෙන්නාගේ ඒ සිහිනය මම කෙදිනක හෝ සැබෑ කරනවා…
18 Sep 2010 Leave a Comment
සොදුරු අතීතය.
30 Aug 2010 Leave a Comment
in මගේ අදහස් Tags: නිලූපා ලක්මාලි, බටුවංගල, Nilupa Lakmali of Batuwangala evillage
2008 අ.පො.ස (සා.පෙළ)විභාගයට ගා/බටුවන්ගල මහා විද්‍යාලයන් පෙනී සිටියා. මට ඉන් විශිෂ්ඨ ජයක් ලබා ගන්න පුලුවන් උනා.එදා මට ගොඩක් සතුටු හිතුනා.මොකද මම කරපු දේවල් සාර්ථක උන නිසා.එදා ඉදලා මන් මගේ අනාගතේ plan කලා. මට හිතුනා මට ලොකු ගමනක් යන්න පුළුවන් කියා.මම අ.පො.ස (උ.පෙළ) වාණීජ අංශයෙන් හදාරන්න හිතා ගත්තා.ඒකට මුල්ම අඩි තාලම දාන්න මග පාදලා දුන්නේ මගේ දයාබර ගුරුපියාණන් අරුණ සර්.සර් මට හැම දෙයක්ම කියලා දුන්නා.පාඩමි කරන විදිය පවා සර් මට කියලා දුන්නා.සර් කියපු දේවල් දුන් ඔවදන් මට අද වගේ මතකයි. සර් වගේම මගේ අමමා මාත් එක්ක නිබදවම ලගින් හිටියා. මට මෙ ගමන එන්න ඒක මට ලොකු ශක්තියක් උනා.
2009 මැයි මාසේ එක් දවසක බලා පොරොත්තු පොදි බැද ගෙන අලුත්ම ලෝකෙකට පිවිසුනා. ගෙදරින් පිට එක රැයක් නොසිටිය මම class යන්න එදා ඉදලා බෝඩිමක නැවතුනා. ඒ රාතිය මම ගත කලේ ගොඩක් අමාරුවෙන්. ඒත් මම හිතා ගත්තා කොපමණ බාධක ආවත් ඉගෙනීමෙන් පරතෙරට යනවා යනවාමයි කියලා.සති අන්තේ දවස් දෙකේ ටික කාලයක් class ගියා. ඉතිං ඊට පස්සේ මං ගොඩක්ම ආදරේ කරපු තැනකට සමු දෙන්න මට සිද්ධ උනා. ඒ වගේම ගොඩක් ආදරේ කරපු අයගෙන් වෙන් වෙන්නත් මට සිද්ධ උනා.ඒ තමයි මම අවුරුදු 11ක් ඉගෙන ගත්ත මගේ ඉස්කෝලෙන් මට අස්වෙන්න සිද්ධ වුනා.ඒ වාණිජ විෂය එහි නොමැති නිසා.කෙදෙස් හෝ මම එක් දිනක විදුහලෙන් සමු අරගෙන තවත් විදු පියසකට පිය නැගුවා. ඒ ගා/ තවලම විද්‍යාරාජ ජාතික පාසලට.අලුත් යාළුවෝ අලුත් ගුරුවරු ත් එක්ක අලුත් ජීවිතේ තවත් අලුත් වුනා.මෙ විදිහට දිනපතා මම පාසල් ගියා. මෙි අතර තුර මම 2009 වසරේ විද්‍යාලීය ශිෂ්‍ය නායක මණ්ඩලයටතේරී පත් වුනා. එහිදීත් මම ගෙගාඩක් අත් දැකීමි වලට සාර්ථකව මුහුණ දුන්නා. පාසල් කාලව මෙගලස කෙමෙන් ගත කලා. පාසලේ වැඩ පන්තිවල වැඩ මම නිවැරදිව නොකඩවා ඉටු කලා.එයින් මම හොද මානසික තෘප්තියක් ලැබුවා.class ගිහින් ආපු දවස් වලට ගොඩක් මහන්සියි. මොකද බස් එකටම පැය හතරක් විතර යනනිසා.ඒත් මම ඒක ගනන් ගත්තේ නැහැ. මොකද මග් target එකට යන්න එීන නිසා. මට මේ ගමනෙදි හමුවුන හැම බාධකයක්ම මම අභියෝගයක් කියලා තමයි හිතුවෙ.මුල් මාස කිහිපය යන කොට මම ගාල්ලට හුරු වුනා.හොද යාළුවෝ ටිකක් හමුවුනා.ඇත්තටම මේ කාලේ හරිම සුන්දරයි.මම එක දවසක් වත් CLASS කටි කලේ නැහැ. එදාට නියමිත වැඩ ටික එදාම කලා. වැඩ පැහැර හැරියේ නැහැ.මගේ උපරිම උතන්දුවෙන් වැඩ කලා.මම ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයනය ගිණුමිකරන අධ්‍යයනය විෂයන් ලෙස හැදෑරැවා. මම ආර්ථික විද්‍යාව විෂයට ගොඩක්ම ආස කලා. මමයි මගේ යාළුවයි තව නංගිලා දෙන්නෙකුයි අපේ බෝඩිමෙි හිටියා.අපි කවුරුත් වාණිජ කරන අය ඒක නිසා සමහර වෙලාවට අපි ආර්ථික විද්‍යාඥයෝ වගේ.හරිම සතුටුයි ඒ ගැන මතක් වෙන කොට.ඇත්තටම මට හිතෙන විදිහට නමි ඉගෙන ගන්න එක ගොඩක් අමාරුයි ඒත් ඒ වගේ අත්දැකීමි ලබන්න ඉගෙනගන්න ලැබෙන එක ලොකු භාග්‍යක්. මේ ලෝකේ ඉන්න ඉගෙන ගන්න වයසේ ළමයින්ගෙන් බොහෝම ටික දෙනාටයි මේ අවස්ථාව ලැබෙන්නේ සමහහර අය ට අවාසනාවට මේ අවස්ථාව අහිමි වෙනවා තවත් සමහර අය වුවමනාවෙන්ම ඒ අවස්ථාව නැති කර ගන්නවා.මම හහිතන විදියට ඒක තමයි ලොකුම පරාජය.
මගේ කඩඉමි විභාගය දිනෙන් දින ලං වුනා. පාසලට සමු දෙන්න කාලය කෙමෙන් එළඹුනා . හිතට දැනෙන දුක කොයි තරමිද කියා කියා ගන්න බැහැ. පාසල් කාලේ ඒ තරමිම සුන්දර නිසා.නමුත් ආපස්සට අවුරැදු දෙකක් හැරිලා බැලුවම මට සතුටු වෙන්න පුළුවන්.කෙමෙන් කෙමෙන් 2010 අගෝස්තු මුල් සතිය පැමිනියා.A/L EXAM එකට දින කිහිපයක් තියෙද්දී CLASS වලත් නිවාඩු ලැබුනා. දැන් හිතට ලොකු බයක් දැනෙනවා.ඒත් ඒ සියල්ල ජයගහනයේ මග සලකුනු කියා මම හිතනවා.මාපිය ගුරැවරැන්ගේ ආශිර්වාද මැද මම සතුටු සිතින් දක්ෂ ලෙස විභාගයට මුහුණ දුන්නා. මම හිතනවා මට ජයග්‍රහනය ලැබේවි කියා.හැම දෙනාගේම ආශිර්වාදය මට නිරන්තරයෙන් ලැබෙන නිසා.
දැන් මට exam ඉවර වෙලා හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා.මගේ බලාපොරොත්තුව අනාගතේ දවසක වෘත්තිය ක්ෂේතයෙන් charted accountant කෙනෙක් වෙන්න. මම කෙසේ හෝ ඒ තැනට එනවා.සමාජීය වශයෙන් රටට දැයට වැඩදායක හොද පුර වැසියෙක් වෙනවා.
මට මේ තැනට එන්න මගේ ලගින් නිබදවම හිද මට අවවාද අනුශාෂනාදුන් විටක මට ගුරු පියෙකු වු තවත් විටෙක සොහොයුරෙකු බදුවු මගේම ආදර ගුරු පියාණනි ඔබට මා සදා ණය ගැතියි.
පියාණනි..
23 Dec 2009 Leave a Comment
කරගැට වැටුණු අත් දෙකින්
කෙරුවේ කුලී වැඩ ඔහු මුළු දවස පුරා
වෙහෙසින් යුතුව ගෙදර දොරේ වැඩ කරලා
අම්මා නොමැති මට ඔහු ජීවය දුන්නා
දවස පුරා වීදි ගානේ සැරි සරලා
මහන්සියෙන් ඔහු සුළු මුදලක් සෙව්වා
ඒ මුදලින් ඔහු මගෙ කුස ගිනි නිව්වා
තමා ගැන නොසිත ඔහු මා ගැන සිතුවා
පොල්වතු වහල යට සිට සැමදාම
මගේ සතුට පමණක් ඔහු සිතුවේය
පෙර කරුමයක් අප හට පල දෙනවාද
දහසින් දවස අප දුප්පත් වෙනවාද
වනයක අසිරිය…
16 Dec 2009 1 Comment
සුන්දර වූ ජල නදී
ගල්පරවල හැපි හැපී
පෙණ පිඬු හඬ නගමිනී
ගලයි මෙදෙස බලමිනී
වනතුරු ලිය නැල වෙන්නනේ
කුරුළු රෑන් නද දෙතිනේ
ඉමිහිරි සුවඳක් විහිදා
මල් කුමරියෝ හිනහෙන්නේ
හිරු කුමරුන් පිබිදිලා
සිනා මුවක් පෙන්වාලා
වනතුරු ලිය සනහලා
වළාකුළෙන් හැංගිලා
ගුමු ගුමු හඬ පැතිරෙන්නේ
වන බඹරුන් ඉගිලෙන්නේ
මෙවන් අසිරියක් බලන්න
දහස් වරක් මට සිතේ…..
ආදර ගුරු පියානණී…..
15 Dec 2009 Leave a Comment
ආදර ගුරු පියානණී
දිසා පාමොක් පරපුරේ…..
පුරුකක් වීම විටක ඔබට
ආශීර්වාදයකි……
තවත් විටක එය
කටු ඔටුන්නකි…..
අපමන වු පැසසුම්
හා නින්දා හමුවේ……
ඔබ ඉන්ද්‍රනීලයක් වුයේ
අප උදෙසාමය
දරුවන් වෙනුවෙන්…..
සියල්ල කැපකර
ඡිවිතයේ සියළු…..
ආවස්ථීක පිරිවැය
තනිව දරන්නාවු ඔබ අපට
මහ මෙරක් වටී……
ඔබගේ ගුණ කද දැනුම්
සමීභාරය තුල කෙදිනකවත්…..
අප ගුරු මුෂ්ඨීයක් දුටුවි නැත
සැබෑව එය වේ………
යථාර්ථය
15 Dec 2009 Leave a Comment
නින්දා අපහාස ඡීවිතයට ආවත්
නොසැලී ඉදිරියටම යන්න
එය ඡීවිතයට උරුම නිසා
දුකක් පැමිණියත් …….
මහ මෙරක් ලෙසට නොසිතන්න
නොබියව එය විද ගන්න
එය සදා කාලික නොවන නිසා…….
සතුට පැමිණියත් දෝර ගලායන
ඡීවිතයට උඩගු නොවන්න
කිසි විටක එය සදාකාලික නොවන නිසා……..
ඡීවිතයේ සැප දුකක් විදගෙන
නොබියව පෙරටම යන්න
ඡීවිතයේ යථාර්ථය එය නිසා……..
I am Nilupa lakmali of Batuwangala evillage.
23 Dec 2008 1 Comment
in Uncategorized Tags: Batuwangala, batuwangala evillage, Batuwangala Maha Vidyalaya, BMV, Nilupa Lakmali of Batuwangala evillage
I am glad to introduction my self .I am M.A Nilupa Lakmali. M.A stands for Mapalagama Acharige.My fiends call me Nilu. It’s my pet name, where At home I am being called. I was born in 1991 may 18.Now I am a 17 years old. My village is Batuwangala. It is situated in Gall district. My home town is Neluwa.
There are 4 members in my family. They are my father ,my mother ,my younger sister and myself .My father Mr: M.A Gamini Jayantha. He is a farmer. My mother Mrs: B.A Sunitha Malani. She is a good house wife. She makes our house a home. My sister is M.A Ayeshika Madushani .She studies G/Batuwangala M.V. Our family is a middle class one. Our main income is a small tea estate. We live in peace and harmony.
To tell some thing about my education I was educated 1st in G/Batuwangala Maha Viduhala. After My GCE OL examination I entered to G/Vidyaraja National School of Thawalama. I am following my A/L in Commerce stream. I faced the exam in 2010.I hope to enter to the University.
I like say about my school life. I had a beautiful butterfly school life. I met a lot of friends in my school life .There are,D.Himesha ,K.M.G.Sashini,S.D.L.Swarna,G.K.Dilrukshi.Then my new friends are Sumudu,Dineesha,Maheshika and Chathuri.My friends are very good. They very kind.
My favorite persons are my mother and father. They are very kind. My favorite place is in my home. My favorite game is netball. My favorite subjects are Accountancy, economics and English.
My hobbies are collecting stamps and reading story books. And I like so much recalling the past time. It is some times sad and some times very happily. I think I will have a bright future. My future ambition is to be a manager one day.
I have lost of future ambitions, among them I like to be a good citizen. I hope look after my parents one day. Finally I wish my self success.












