ආදර ගුරු පියානණී…..
15 Dec 2009 Leave a Comment
ආදර ගුරු පියානණී
දිසා පාමොක් පරපුරේ…..
පුරුකක් වීම විටක ඔබට
ආශීර්වාදයකි……
තවත් විටක එය
කටු ඔටුන්නකි…..
අපමන වු පැසසුම්
හා නින්දා හමුවේ……
ඔබ ඉන්ද්‍රනීලයක් වුයේ
අප උදෙසාමය
දරුවන් වෙනුවෙන්…..
සියල්ල කැපකර
ඡිවිතයේ සියළු…..
ආවස්ථීක පිරිවැය
තනිව දරන්නාවු ඔබ අපට
මහ මෙරක් වටී……
ඔබගේ ගුණ කද දැනුම්
සමීභාරය තුල කෙදිනකවත්…..
අප ගුරු මුෂ්ඨීයක් දුටුවි නැත
සැබෑව එය වේ………
Advertisement









