වනයක අසිරිය…
16 Dec 2009 1 Comment
සුන්දර වූ ජල නදී
ගල්පරවල හැපි හැපී
පෙණ පිඬු හඬ නගමිනී
ගලයි මෙදෙස බලමිනී
වනතුරු ලිය නැල වෙන්නනේ
කුරුළු රෑන් නද දෙතිනේ
ඉමිහිරි සුවඳක් විහිදා
මල් කුමරියෝ හිනහෙන්නේ
හිරු කුමරුන් පිබිදිලා
සිනා මුවක් පෙන්වාලා
වනතුරු ලිය සනහලා
වළාකුළෙන් හැංගිලා
ගුමු ගුමු හඬ පැතිරෙන්නේ
වන බඹරුන් ඉගිලෙන්නේ
මෙවන් අසිරියක් බලන්න
දහස් වරක් මට සිතේ…..
Advertisement











Dec 16, 2009 @ 08:33:57
ගොඩක් ලස්සන කවි පෙළක්