පියාණනි..
23 Dec 2009 Leave a Comment
කරගැට වැටුණු අත් දෙකින්
කෙරුවේ කුලී වැඩ ඔහු මුළු දවස පුරා
වෙහෙසින් යුතුව ගෙදර දොරේ වැඩ කරලා
අම්මා නොමැති මට ඔහු ජීවය දුන්නා
දවස පුරා වීදි ගානේ සැරි සරලා
මහන්සියෙන් ඔහු සුළු මුදලක් සෙව්වා
ඒ මුදලින් ඔහු මගෙ කුස ගිනි නිව්වා
තමා ගැන නොසිත ඔහු මා ගැන සිතුවා
පොල්වතු වහල යට සිට සැමදාම
මගේ සතුට පමණක් ඔහු සිතුවේය
පෙර කරුමයක් අප හට පල දෙනවාද
දහසින් දවස අප දුප්පත් වෙනවාද
Advertisement










